විහාරස්ථානයේ පසුබිම

විහාරස්ථානය ආරම්භයේ සිට අද දක්වා එහි විකාශනය එහි විහාරංග , සේවාවන් හා විහාරස්ථානය සතු සමිති සමාගම් පිළිබඳ තොරතුරු

ආරම්භය

1979 සැප්තැම්බර් මස 19 දින අවිස්සාවේල්ල මානික්කවත්ත ශ්‍රී විජයාරාම විහාරාධිපති අති ගෞරවනීය යෝජියානේ ජිනවංශ ස්වාමින් වහන්ස වෙත සඟසතු කොට පුජා කරන ලදී. 1970 දශකයේ අගභාගය වන විට කුඩගම ප්‍රදේශයට තිබු මහත් අඩුපාඩුවකි ගමට විහාරස්ථානයක් නොමැති කම,කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් රුවන්වැල්ල ප්‍රදේශයට ලේකම් කොට්ටාශයේ මැදගොඩ ග්‍රාමසේවා වසමේ පිහිටි ගමකි කුඩගම. මෙම ගමේ විසු ශ්‍රී ලංකා යුධ හමුදා සේවයෙන් විශ්‍රාම ලැබූ ඇම්.ජෝර්ජ් පෙරේරා නමැති පින්වත් මහත්මා මෙම විහාරස්ථානය පිහිටි භුමි භාගය සතර දිගින් වඩින මහා සංඝරත්නයේ පුණ්‍ය පහසුකම් උදෙසා සඟ සතු කොට පුජා කරන ලදී.

එදා

කෑගල්ල දිස්ත්‍රික්කයේ කෙලවරක පිහිටි මෙම ගම එදා කිසිදු පහසුකමක් නැති විදුලි - මාර්ග පද්ධතිය නැති ඉතා දිළිඳු ගම්මානයකි.ගමට ආසන්න නගරය වන අවිස්සාවේල්ල නගරයට ආ යුත්තේද කැළණි ගඟ හරහා ඔරුවකින්ය. වැසි දින වලට ගංවතුරින් පීඩා විදින ගම්වාසීන් හතර අතින්ම කොටු වී සිටියහ.මිනිසුන්ගේ ප්‍රධාන ජීවනෝපාය රබර් කිරි කැපීමය.වතු ආශ්‍රිත ගමකි.

අද

විදුලිය සහ මාර්ග පහසුකම් ලැබී ඇත. ගමේ පවුල් සංඛ්‍යාව වැඩි වී ඇත.අධ්‍යාපන තත්වය යහපත්ය. ගමේ විහාරස්ථානය ගමට ආශිර්වාදයකි.ගමේ අසරණ ළමුන්ට මුලික අධ්‍යාපනය ලබා දෙන එකම විදුහය. විහාරස්ථානය:- කුඩගම ශ්‍රී විජයමංගලාරාමය සත්බුදු මහා විහාරය ගමට එළිය ලබා දෙන ආයතනයක් ලෙස සැලකේ. සබරගමු පළාතේ ඉදිකරනු ලබන පළමු සත්බුදු මහා විහාරය වේ.දැනට විහාර මන්දිරයේ වැඩ කරගෙන යනු ලැබේ. විහාරාධිපති පුජ්‍ය ගෝනගල සුමංගල හිමියන්ය.පොඩි ස්වාමින්වහන්සේලා තවම ඉගෙනුම ලබමින් සිටිති. දායක පවුල් ගණන 300 ක් පමණ වේ.

විහාරංග

ආවාස ගෙය, ධර්ම ශාලාව,බෝධීන් වහන්සේ,විහාර මන්දිරය,ධාතු මන්දිරය බෝධීන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙන් වැඩමකළ ආනන්ද බෝධීන් වහන්සේ නමකි. විහාර මන්දිරය තුල විපස්සි,සිඛි,සේසභු,කකුසඳ,කෝණාගමන, යන සත්බුදුවරුන් වහන්සේලාම නිර්මාණය කරනු ලැබේ..

සේවය

ප්‍රදේශයේ පළාතේ ජාතික ආගමික කටයුතු කරයි.සෑම පුර පසළොස්වක දිනකම විශාල පිරිසක් පෙහෙවස් සමාදන් ව සිටින අතර ශීල -භාවනා වැඩසටහන් පැවැත්වේ. දහම් පාසල සෑම ඉරිදා දිනකම පැවැත්වෙන අතර සිසුන්ගේ පැමිණීම 100කට වැඩි වේ. 1 සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ. ගුරු මණ්ඩලය 12කි. විහාරස්ඨාන කාර්ය සාධක සමිතිය,දායක සභාව,කුලඟන සමිතිය,තරුණ බෞද්ධ සංගමය,ළමා සමාජය, විහාරස්ථානය මුලික කරගෙන පවතින සමිති සමාගම්ය.

වෙනත් සමිති සමාගම්

කුඩගම ග්‍රාම සංවර්ධන සමිතිය,ගොවි සමිතිය, සමෘදධි සමිතිය, යෞවන සමාජය,රජය මැදිහත්ව ක්‍රියාත්මක වේ.